Akuraa.lk Sinhala Spell Checker Logo

ප්‍රධාන මෙනුව

HOW WE CAN HELP YOU?

Akuraa.lk භාවිතා කිරීමේදී ඔබට අවශ්‍ය සියලුම මඟපෙන්වීම් සහ සහය මෙතැනින් ලබාගත හැක.

Search

නිතර අසන පැණ (FAQ)

Akuraa.lk කියන්නේ මොකක්ද?

මේක සිංහල අක්ෂර වින්‍යාස දෝෂ (Spelling mistakes) සජීවීව හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උදවු වෙන සේවාවක්.

මම ටයිප් කරන දේවල් වල වැරදි පද්ධතිය පෙන්නන්නේ කොහොමද?

ඔබ වචන ඇතුළත් කරන විට වැරදි වචන යටින් රතු පැහැති රැළි ඉරක් සහ පසුබිම ලා රතු පාටින් දිස්වෙනවා.

වැරදි වචනයක් නිවැරදි කරගන්නේ කොහොමද?

රතු පාට වචනය මත එක පාරක් Click කරන්න (Mobile නම් Tap කරන්න). එවිට ලැබෙන නිවැරදි වචන ලැයිස්තුවෙන් (Suggestions) කැමති එක තෝරන්න.

මට Word Files හෝ PDF පරීක්ෂා කරන්න පුළුවන්ද?

ඔව්, අනිවාර්යයෙන්ම! .docx, .pdf සහ .txt ගොනු "Upload" කරලා පරීක්ෂා කරන්න පුළුවන්.

නිවැරදි කරපු ලිපිය ආපහු Word File එකක් විදිහට ගන්න පුළුවන්ද?

පුළුවන්. ඒ සඳහා "Export to Word" බොත්තම ක්ලික් කරන්න.

එක පාර වචන කීයක් පරීක්ෂා කරන්න පුළුවන්ද?

උපරිම වචන 1,500ක් හෝ අක්ෂර 7,000ක් වෙනකම් එක පාර පරීක්ෂා කරන්න පුළුවන්.

මේ සේවාව පාවිච්චි කරන්න සල්ලි ගෙවන්න ඕනද?

නැහැ, Akuraa.lk කියන්නේ සැමදා නොමිලේ පවතින සේවාවක්.

මම ටයිප් කරන දේවල් අනිත් අයට පේනවද? (Privacy)

නැහැ. ඔයාගේ දත්ත කිසිවක් සේවාදායක (Server) වල ගබඩා වෙන්නේ නැහැ. සියල්ල ඔයාගේ බ්‍රවුසරය ඇතුළතමයි සිද්ධ වෙන්නේ.

සිංහල යුනිකෝඩ් (Unicode) විතරද වැඩ කරන්නේ?

නැහැ, Unicode වගේම Legacy (උදා: DL-Aradhana වැනි) අකුරුත් පද්ධතිය හඳුනාගන්නවා.

මට ඕන වචනය Suggestions වල නැත්නම් මොකද කරන්නේ?

එවිට ඔබට එය අතින් (Manually) නිවැරදි කරන්න වෙනවා. ඒ වගේම "Report" බොත්තමෙන් ඒ ගැන අපිට කිව්වොත් අපි ඒ වචනය පද්ධතියට අලුතින් එකතු කරනවා.

පද්ධතිය සක්‍රීයයි (System Live)

සජීවී සහය (Live Support)

ඔබට තවමත් ගැටලුවක් පවතී නම් අපගේ සහය කණ්ඩායම හා සම්බන්ධ වන්න.

පණිවිඩයක් එවන්න

පරිශීලක අත්පොත (Full User Guide)

01 පද්ධතියට ඇතුළු වීම

  • පෙළ ඇතුළත් කිරීම: ප්‍රධාන ලිවීමේ ප්‍රදේශයේ (Editor) ඔබට අවශ්‍ය සිංහල වාක්‍ය ටයිප් කරන්න හෝ වෙනත් තැනකින් පිටපත් කර (Paste) මෙහි ඇතුළත් කරන්න.
  • අක්ෂර වින්යාසය පරීක්ෂාව: ඔබ වචන ඇතුළත් කරන විට පද්ධතිය සජීවීව වැරදි හඳුනා ගනී. "Convert" හෝ "පරීක්ෂා කරන්න" බොත්තම එබීමෙන් සම්පූර්ණ ඡේදයම පරීක්ෂා කළ හැක.
  • වැරදි හඳුනාගැනීම: වැරදි යැයි සැක කරන වචන යටින් රතු පැහැති රැළි ඉරක් සහ ලා රතු පැහැති පසුබිමක් දිස්වේ.

02 නිවැරදි කිරීම් සිදු කරන ආකාරය

  • යෝජනා බැලීම: රතු පැහැයෙන් සලකුණු වූ වචනයක් මත වරක් (Single Click) හෝ Mobile නම් Tap එකක් කරන්න. එවිට ගැලපෙන නිවැරදි වචන ලැයිස්තුවක් (Suggestions) දිස්වේ.
  • වචනය මාරු කිරීම: ලැයිස්තුවේ ඇති නිවැරදි වචනය මත ක්ලික් කළ සැණින් වැරදි වචනය ඉවත් වී නිවැරදි වචනය එතැනට ඇතුළත් වේ.

03 ගොනු (Files) සමඟ වැඩ කිරීම

  • ගොනු ඇතුළත් කිරීම: .docx (Word), .pdf හෝ .txt ගොනු "ගොනුව" (Upload) බොත්තම මගින් පද්ධතියට එක් කළ හැක.
  • බාගත කිරීම (Export): ඔබ නිවැරදි කළ ලිපිය නැවත Word ගොනුවක් ලෙස ලබා ගැනීමට "Export to Word" බොත්තම භාවිතා කරන්න.

පාලනයන් සහ සීමාවන් (Limits & Specs)

වචන සීමාව: 1500
අක්ෂර සීමාව: 7000
ගොනු විශාලත්වය: Small/Medium
අකුරු: Unicode & Legacy

තාක්ෂණික කෙටිමං (Shortcuts)

ක්‍රියාව පරිගණක (PC) ජංගම දුරකථන (Mobile)
පිටපත් කිරීම Ctrl + C Long Press -> Copy
ඇලවීම Ctrl + V Long Press -> Paste
සියල්ල තේරීම Ctrl + A Double Tap
පෙර තත්වයට (Undo) Ctrl + Z Toolbar -> Undo
පූර්ණ තිරය F11 Full Screen Icon

අපව සම්බන්ධ කරගන්න (Contact Us)

ඔබට පද්ධතිය පිළිබඳ ගැටලුවක් හෝ යෝජනාවක් ඇත්නම් පහත ක්‍රම මගින් අප හා සම්බන්ධ විය හැක.

පැමිණිලි අංශය

"Report" බොත්තම මගින් දෝෂ එවන්න.

විද්‍යුත් තැපෑල

support@akuraa.lk

සජීවී සහාය

Chat Bot හරහා ක්ෂණික සහාය.


Akuraa සහය!
Chatbot
Scroll Top
Bot

Akura Support

Online

හලෝ! මම ඔබට උදව් කරන්නේ කෙසේද?